― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයන් රැසක් ඉවත් කිරීමේ සැලසුමක්

රජයේ සේවකයන් රැසක් ඉවත් කිරීමේ සැලසුමක්

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සමාගම් කිහිපයක් ඒකාබද්ධ කර ඇතැම් සමාගම් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ යන්ත්‍රෝපකරණ සංස්ථාව ඒකාබද්ධ කිරීමට රජය මේ වන විටත් තීරණය කර ඇතැයි පැවසේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් තම සමාගම්වල තබා ගැනීමටත් අනෙක් අය සේවයෙන් ඉවත් කිරීමටත් සමාගම්වලට උපදෙස් දෙනු ලැබේ.

මේ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ සේවයෙන් ඉවත් කෙරෙන සේවකයන්ට වන්දි ලබා දෙනු ඇත. මේ සඳහා රජය සතු ව්‍යාපාර සතු වත්කම් විකිණීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.