26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය වෙළඳසැලේ ගුටි පූජාව ගැන පොලිස් පරීක්ෂණ

ජනප්‍රිය වෙළඳසැලේ ගුටි පූජාව ගැන පොලිස් පරීක්ෂණ

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය ඇඳුම් අලෙවිසැලක සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සවස මෙම සිදුවීම වාර්තා වූයේ බම්බලපිටියේ පිහිටි ජනප්‍රිය ඇඳුම් අලෙවිසැලකදීය.

මෙම වෙළඳසැලට පැමිණි අඹුසැමි යුවළක් තම අවශ්‍යතා ඉටුකරගෙන පිටත්ව යද්දී ඔවුන්ගේ වාහනය රැගෙන යාමට නොහැකි වන පරිදි තවත් වාහනයක් නවතා තිබූ අයුරු නිරීක්ෂණය වී ඇති අතර ඔවුන් මේ බව අසළ සිටි මුරකරුට දන්වා තිබේ.

අදාළ අඹුසැමි යුවළ පොලිසියට කියා සිටියේ වාහනය ඉවත් කරන ලෙස අනෙක් වාහනයේ රියැදුරුට කිහිප වතාවක්ම ඉල්ලීම් කළද වාහනය ගැනීමට ප්‍රමාද වූ බවයි. ප්‍රමාදය හේතුවෙන් එම අඹුසැමි යුවළ සහ රෙදිපිළි අලෙවිසැලේ සේවකයන් අතර බහින්බස්‌වීමක්‌ ඇතිවී එය ගැටුමක්‌ දක්වා දුරදිග ගිය බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති අතර විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.