32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය සොරකම් කිරීමට අදාළ විමර්ශන ඇරඹෙයි

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය සොරකම් කිරීමට අදාළ විමර්ශන ඇරඹෙයි

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

පසුගිය සතියේදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතය.

මෙහි වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7ක් නම් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ පාර්ශවවලට පසුගිය සතියේ දී අනුරාධපුර රුවන්වැලි සෑය වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දුන්න ද කිසිදු පාර්ශවයක් එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ අනුව යළිත් වරක් අදාළ විමර්ශන සඳහා පැමිණෙන ලෙස එම පාර්ශව වෙත දැනුම් දී ඇති අතර ඉදිරියේදී පුළුල්ව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.