― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිණිබිරිය දහම් පාසල් රැගෙන ගිය මිත්තණිය වන අලි පහරින් ජීවිතක්ෂයට

මිණිබිරිය දහම් පාසල් රැගෙන ගිය මිත්තණිය වන අලි පහරින් ජීවිතක්ෂයට

ඔයාමඩුව, පානක්කැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (22) සිදු වූ මෙම වන අලි පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාව ඇයගේ මිණිබිරිය දහම් පාසල වෙත රැගෙන ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී මෙලෙස වන අලියා පහර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය පවුලේ සාමාජිකයින් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.