කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙරවරු 8ට යළි ආරම්භ කර තිබේ.
ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමිණි.
කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.