― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයතුරුපැදියට ඉඩ දුන් ලොරි රථය ඩෙවෝන් ඇලට පෙරළෙයි

යතුරුපැදියට ඉඩ දුන් ලොරි රථය ඩෙවෝන් ඇලට පෙරළෙයි

යතුරුපැදියකට ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩෙවෝන් ඇළට පෙරලීමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ මොවුන් දෙදෙනා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

ඊයේ (22) හැටන්, කොටගල යදන් සයිඩ් වතුයායට පිවිසෙන මාර්ගයේ පිහිටි පාලම අසළදි මෙම අනතුර සිදුව තිබේ.

යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දක්වා ධාවනය වූ ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරු පැදියකට පාලම මතදී ඉඩ ලබා දීමට යාමේදි ලොරි රථය පාලමේ ආරක්ෂිත වැටද කඩා ගෙන අඩි 20ක් පමණ පහලින් වූ ඩෙවොන් ඇළට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය.

ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ ලොරි රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇතත් අනතුරින් ලොරි රථයේ පසුපස ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් අනතුරින් ලොරි රථයට සහ පාලමේ ආරක්ෂිත වැටට දැඩි අලාභහානි සිදු වී ඇති බවයි දිඹූල පතන පොලිසිය පවසා සිටියේ.