― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවරාය සේවකයෝ වරාය පිවිසුම වටකරති

වරාය සේවකයෝ වරාය පිවිසුම වටකරති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් අද (23) කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළදී පැවැත්වුණා.

විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් අද (23) කළු ඇඳුමින් සැරසී, කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (23) සිට ආරම්භ කළ සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කරමින්.

එමෙන්ම මීට සහාය පළකරමින් බැංකු සේවකයින්ද කළු ඇඳුම්වලින් සැරසී අද දිනයේ සේවයට වාර්තාකර තිබුණා.