28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ කාලසීමාවේ සිදුවන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ කාලසීමාවේ සිදුවන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුල බල අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි සභාපතිනියගේ අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ විදුලි කප්පාදුව සිදුකිරීම මඟින් සිසුන්ට විභාගයට සූදානම් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟින් සලසා ඇති සමානාත්මතාව පිළිබඳ මූලධර්මය දරුවන්ට අහිමිව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධිවීම වළක්වාලීමට සුදුසු පියවරක් ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා සිටිනවා.