― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිතර දුරකථනයෙන් ඇමතුම් ගත් බිරිඳට පහර දී ඝාතනය කරලා

නිතර දුරකථනයෙන් ඇමතුම් ගත් බිරිඳට පහර දී ඝාතනය කරලා

දුරකථනයක් පිළිබදව ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් යකඩ බටයකින් පහර දී බිරිඳ ඝාතනය කළ පුවතක් කොස්වත්ත, කහටවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඩබ්ලිව්. නිශාන්ති අනුරාධි නැමැති 38 හැවිරිදි දෙදරු මවක්. සිද්ධිය සම්බන්ධ සැකකාර ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව විදෙස් රැකියාවක් සඳහා ගොස් මීට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ. ඇය විදෙස්ගතව නිවසට පැමිණි දින සිට දුරකථනයෙන් කිසියම් අයෙකු සමඟ කතා බහ කරන බවක් සැමියාට හැඟී ගොස් තිබෙනවා.

ඒ පිළිබඳව දෙදෙනා අතර අවස්ථා කිහිපයකදී ආරවුල් හටගෙන ඇති අතර ඊයේ (23) රාත්‍රියේ ඇති වූ ආරවුල දුරදිග ගොස් සැමියා විසින් බිරිඳට යකඩ බටයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.