― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතිරිඟු පිටි මිල ඉහළ යාමේ වැඩි ඉඩක්

තිරිඟු පිටි මිල ඉහළ යාමේ වැඩි ඉඩක්

ඉදිරි සති කිහිපය තුළ තිරිඟු පිටි මිල ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතින බව තොග වෙළෙන්ඳන් පවසති.

ඉන්දියාවට තිරිඟු අපනයනය සඳහා පනවා තිබූ තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එරට තීරණය කර තිබීම ඊට හේතුව වී තිබේ.

මෙරට තුළ තිරිඟු කිලෝවක් රුපියල් 400 කට අලෙවි කරනු ලබයි. එමෙන්ම මේ වනවිට තිරිඟු පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 250-265 අතර මිලකටයි.

කෙසේ වෙතත් තවමත් බොහෝ ස්ථානවල තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 300කට අලෙවි වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.