― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමහින්දගේ නිවස අලුත්වැඩියාවට කෝටි 21ක වියදමක්

මහින්දගේ නිවස අලුත්වැඩියාවට කෝටි 21ක වියදමක්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හට ලබා දී ඇති විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 21ක වියදමක් දරා ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තැබීමේ සිද්ධියේ හානිය රුපියල් මිලියන 204ක් බවත්ය.

එමෙන්ම නිවෙසයට වූ හානිය මිලියන 6ක් බවත් වාහනයට වූ හානිය මිලියන 198ක් බවත් පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එය ආණ්ඩුවෙන් ලබා දුන් නිල රථයක් බවයි.

#mawrata