24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාවේ ලොකුම පොහොර නිෂ්පාදනාගාරය විවෘත වෙයි

ලංකාවේ ලොකුම පොහොර නිෂ්පාදනාගාරය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

වර්ග අඩි 40,000කින් යුත්, නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදනාගාර වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවෙි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරිණි.

මෙහි වාර්ෂික ජෛව පොහොර ලීටර් මිලියනයක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්ත බවත් මූලික අධ්‍යයන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම කර්මාන්තශාලාවෙි බයෝ ෆිල්ම් ජෛව රසායන පොහොර නිපදවන අතර, ඒවා 100%ක්ම ස්වභාවික, පරිසර හිතකාමී ජෛව පොහොර බවත් අමාත්‍යාංශය පවසයි.