― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවනවාසී ස්වාමීන් වහන්සේට පිරිසකගෙන් තර්ජන

වනවාසී ස්වාමීන් වහන්සේට පිරිසකගෙන් තර්ජන

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ රතු පාලම අසළ භාවනා ගල් කුටියට යන මාර්ගය අවහිර කරමින් වැටක් ගසා එම ස්ථානයට ඇතුල්වීමට වෙළඳ ආයතනයක් මඟින් (වෙන්ඩොල් ආයතනය) තමන්ට ඉඩ නොදෙන බව කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් පවසනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් පවසනුයේ තමන් වහන්සේ වනවාසී ස්වාමින් වහන්සේ නමක් බවත් දැනට මාස තුනකට අධික කාලයක සිට තමන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ වසන බවත්ය.

එහෙත් පසුය 12 වැනිදා තමන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර එදින උදැසන 8.15ට පමණ නැවත කුටියට වැඩම කරන විට එම කුටියට ඇතුල්වන මාර්ගය අවහිර කර ලී වැටක් ගසා තහඩු දමා එම මාර්ගය වසා දමා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ ඒ අසළ ඉදිකර තිබෙන වෙන්ඩොල් ආයතනයේ පිරිසක් මෙය සිදු කර ඇති බවය.

ඒ පිළිබඳව ඔවුන්ගෙන් කළ විමසා බැලීමේදී මෙම ස්ථානය ස්වාමීන් වහන්සේට අයිති නැති බව පවසා තර්ජනය කර උන්වහන්සේට පහරදීමට උත්සාහ කර තිබෙනවා. මේ සම්න්ධයෙන් නල්ලතන්නිය පොලිසියට පැමිණිලි කළත් මේ වන තෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැති බව උන්වහන්සේ පවසා සිටියා.

මෙම ස්ථානය මීට පෙර ස්වාමින් වහන්සේලා භාවනායෝගිව වැඩ විසූ ස්ථානයක් බැවින් මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ට නල්ලතන්නිය මකර තොරණ අසළ වනජීවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරිතුමන් වෙතද පැමිණිලි කල අතර මේ පිළිබඳව සොයා බලන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් නල්ලතන්නිය ග්‍රාම නිලධාරි වෙත දැනුම්දීමට පියවර ගත් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

ස්වාමින් වහන්සේ තම කුටිය පරික්ෂා කිරීමෙදී කුටියේ තබා තිබූ සිවුරු ඇතුළු තමන් වහන්සේ භාවිතා කළ ද්‍රව්‍ය මෙන්ම එම කුටියේ යකඩ දොරද කඩා දමා පහළට විසි කර තිබුන බවත් දැක ගන්නට හැකි වී තිබෙනවා. තමන් වහන්සේට මේ වන තෙක් කිසිදු සාධරණයක් ඉටු නොවිම හේතුවෙන් තමන් වහන්සේ මෙම තත්වයන් පිළිබඳව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා හැටන් සහකාර පොලිස් අධිකාරිවරයා වෙතද පැමිනිලි කිරිමට පියවර ගන්නා බවද කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් වැඩි දුරටත් පවසා සිටියා.

නල්ලතන්නිය පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළා.