26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෘහ සේවිකාවන්ගේ පුහුණු කාලය දීර්ඝ කෙරේ

ගෘහ සේවිකාවන්ගේ පුහුණු කාලය දීර්ඝ කෙරේ

ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීමට අපේක්ෂා කරන කාන්තාවන් සඳහා වන පුහුණු කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ඒකකයේ NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 3 වන මට්ටම සඳහා ක්‍රියාත්මක වන පරිදි දින 15 ක පුහුණු කාලය පෙබරවාරි 1 වැනිදා සිට දින 28ක් දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව දින 25ක් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් පැවැත්වෙන අතර NVQ ඇගයීම් කටයුතු සඳහා දින තුනක් වෙන් කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙතෙක් පුහුණුව ලබා ඇති පුද්ගලයින්ට සහ 2023 ජනවාරි 31 වැනිදා හෝ ඊට පෙර පුහුණුව අවසන් කළ පුද්ගලයින්ට නව රෙගුලාසිය අදාළ නොවේ.

නිපුණතා සහ පුහුණුව ලත් ශ්‍රී ලාංකිකයින් විදේශගත කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නිර්දේශය මත මෙම තීරණයට එළඹි බව කාර්යාංශය පවසයි.