― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportකුසල් ජනිත්ට කැඳවීමක්

කුසල් ජනිත්ට කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිවුදින තරග 2ක් සහ එක්දින තරග 03ක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර තිබෙනවා.

ජනවාරි 31 වැනිදා ආරම්භ මෙම සිව්දින සහ එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සදහා නිපුන් ධනංජය ද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස් ද නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙනවා. නම් කරන ලද ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අතරට ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ද නම්කර තිබීම කැපී පෙනෙනවා. 2021 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ඨ්20 තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේදීම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගී වූයේ නැහැ.

සිය ආබාධිත තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත්වීම නිසායි නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සදහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු,සහ පදුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටීන ක්‍රීඩකයින්ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිදු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඔෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනීත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනත් පෙරේරා.