― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsටිකට් නැතිව කෝච්චිවල යන මගීන්ට වැඩ වරදී

ටිකට් නැතිව කෝච්චිවල යන මගීන්ට වැඩ වරදී

මෙතෙක් කාලයක් දුම්රියේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ට රුපියල් තුන්දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ.ඩී. එස්. ගුණසිංහ පවසන්නේ, ඉදිරියේදී එම වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.

මීට පෙර රුපියල් තුන්දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් ගෙවීමේදී එය ගෙවන තුරු අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත හෝ ඔහු සතු ජංගම දුරකතනය හෝ ස්වර්ණාභරණයක් හෝ වටිනා දේපළක් දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට ගැනෙනවා.

නමුත් එම ක්‍රියාවලිය නීති විරෝධී බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ද සඳහන් කළේ පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක් වෙනත් පාර්ශවයකට කිසිදු ආකාරයෙන් සිය භාරයට ගැනීමේ නෛතික හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් දුම්රිය නිසි වෙලාවට නොපැමිණෙන නිසා ඇතැම් කාර්යාල සේවකයන් ඇතුළු මගීන්ට ප්‍රවේශපත්‍ර ගැනීමේ හැකියාවක් නොපවතින අතර මේ හේතුවෙන් ඔවුන් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අයුතු හිරිහැරවලට ලක්වීමට ද සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධානි අනුර ප්‍රේමලාල්ගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවන අවස්ථාවක එම පාඩුව අයකර ගැනීම වෙනුවෙන් මගියා සතු දේපළක් සිය භාරයට ගැනීමේ ප්‍රතිපාදන දුම්රිය ආඥා පනතේ මෙන්ම වාණිජ පරිවිතයේ පවතින බවයි.