25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව නවතයි

තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව නවතයි

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉන්ධන ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්න්ධයෙන් අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙන බවත් යම් අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත්ය.