25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිවරයාට අපහාස කළ ආශාට වුණු වැඩේ

ජනාධිපතිවරයාට අපහාස කළ ආශාට වුණු වැඩේ

ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලාවල සටහනක් හුවමාරු කළ ආශා දිල්රුක්ෂිගේ අධ්‍යාපනික ආයතනයට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

අදාළ සටහන සම්බන්ධයෙන් ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවටද කැඳවා තිබූ අතර මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පිහිටි ඇයගේ අධ්‍යාපන ආයතනයේ පුවරුවට, ඒ අසළ පිහිටි නිවසට ගල් මුල් සහ අසූචි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අද (18) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උදෑසන 7.15ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී ඇත. මත්තෙගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.