― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් සමඟ 'ඩිස්කෝ' අත්අඩංගුවට

හෙරොයින් සමඟ ‘ඩිස්කෝ’ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා හෙවත් ‘ඩිස්කෝ’ නැමැති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන ‘රූබන්’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.