25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල නැග්ගොත් පාන් මිලත් ඉහළට

විදුලි බිල නැග්ගොත් පාන් මිලත් ඉහළට

විදුලි බිල වැඩි වුවහොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසීය.

මේ වනවිට බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන සහ විදුලි බිල වැඩි වීම හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇති බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට බේකරිවල විදුලි බිල තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි බවත් නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට එය කිසිසේත්ම දරාගත නොහැකි වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙම තත්ත්වය මත විදුලි බිලද නැවත වැඩි වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.