25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට විදේශයන්ගෙන් මරණ තර්ජන

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට විදේශයන්ගෙන් මරණ තර්ජන

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට විදේශයන්හි සිට දුරකථන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ල වී ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි නිහාල් තල්දූව වැඩිදුරටත් කියා සිටියේ.