― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව බද්ද 225ටත් අදාළයි - රංජිත් සියඹලාපිටිය

නව බද්ද 225ටත් අදාළයි – රංජිත් සියඹලාපිටිය

රටතුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවත් 225ටත් නව බද්ද අදාළ වන අතර ඒ අයගේ සියලු දීමනාවලට මේක එකතු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රටේ වත්මන් ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වගේ බැරෑරුම් තත්ත්වයක් ආදායම් අඩුකර ගැනීමත් එක්ක මුහුණදෙන්න සිද්ධවුණා. අපි ආපහු උත්සාහ කරන්නේ, අලුත් බදු ගැන කතා කරන බොහෝ දේවල් තිබුණ දේවල්මයි. උපයනවිට බද්ද 2018 දීත් තිබුණ බද්දක්. අපි දැන් නැවත හඳුන්වා දීලා තියෙනවා. යම් ප්‍රමාණයක් වැඩියි තමා අපිත් පිළිගන්නවා. හැබැයි තිබුණ බද්දක්. වැට් එකත් එකත් එහෙමයි. 15% තිබිලා 8%ට අඩු කළා. දෙවතාවකට අපි නැවත 15% දක්වා වැඩි කරලා තියෙනවා. රටේ බදු ආදයම බිලියන 1,800යි. පාඩු ලබන ආයතනවල අලාභය බිලියන 950යි. භාගයක් අපිට යොදන්න වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්න. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 619ක් අලාභයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය බිලියන 129යි. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 151යි. ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය අවශ්‍යයද නැද්ද කියන එක ඉතාම පැහැදිලියි. ණය ගත නොහැකි නම්, මුදල් මුද්‍රණය ප්‍රතිපත්තියක් විදියට යොදන්නේ නැත්නම් කුමක් ද විකල්පය. සමහර අය මගෙන් අහනවා 225ටත් මේක ගහනවා ද කියලා. ඔව් 225ටත් ගහනවා. ඒ අයගේ සියලු දීමනාවලට මේක එකතුවෙනවා. එතැනින් එහාට විසඳුමක් හොයන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ දී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි අපිට තිබුණ එකම මාර්ගය. ඒ රටවල් අපිට ඒ සහනය දෙන්න නම්, හැම රජයක්ම බලාපොරොත්තු වෙනවා එවැනි කැපකිරීමක් විදේශ රටක ඉන්න අපි වෙනුවෙන් දරනවා නම් ඔවුන්ගේ ජනතාවගේ බදු මුදලින් අපිත් යම් ආකාරයක වගකීමක් කැපවීමක්, දරාගැනීමක් මේකෙන් කරාවි කියලා. අපි මේකට කිසි සුදානමක් නැතුව අපේ බර දරන්න ඔවුන් සුදානම් නෑ. අපි මුහුණදීලා තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැතිව විසඳා ගන්න ක්‍රමයක් තිබේ ද? ඒ වගේම IMF එකත් එක්ක ඇති කරගන්න උත්සාහ කරන එකඟත්වය ඇති කර නොගත්තොත් අපි මුහුණදෙන තත්ත්වය කුමක් ද? 2022 ජූනි, ජූලි, අගෝස්තුවල ජනතාව වින්ඳ අපහසුතාවය. මීට එහා ගිය තත්ත්වයකට තමා අපිට මුහුණදෙන්න වෙන්නේ.