― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලිබල මණ්ඩලය ඔන්ලයින් ගෙවීම් යළි අරඹයි

විදුලිබල මණ්ඩලය ඔන්ලයින් ගෙවීම් යළි අරඹයි

ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (ඔන්ලයින් ගෙවීම්) නැවත ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය පසුගිය වසරේ නොවැම්බර් මස අග භාගයේදී සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අතිහිටුවා තිබූ බවත් ඉන් පසුව සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් ඇතිව ආරක්ෂක සම්මුතිය නිසි ලෙස කළමනාකරණය කිරීමට කඩිනම් පියවර ගත් බව ද එම මණ්ඩලය කීය.

පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු සහ බිල්පත් දත්තවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇති බවත් CEB Online Payment System සමඟ නැවත සම්බන්ධ වන ලෙස පාරිභෝගිකයින්ට ආරාධනා කර බවත් එම මණ්ඩලය පවසයි.

පාරිභෝගිකයන්ට තව දුරටත් ප්‍රශ්න තිබේ නම් විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1987 හරහා තොරතුරු ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.