ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා විනිවිදභාවයෙන් යුත්, මහජනයාට වගකියනතේරීම් කමිටු පත්කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ.
ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.