― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවිවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ පොලිස් නිලධාරියාට වැඩ වරදී

අවිවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ පොලිස් නිලධාරියාට වැඩ වරදී

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ අවිවාහක කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත් වූ බවට සැකපිට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙණිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොහු විවාහකයෙකු වන අතර, තමන් විවාහකයෙකු බවට නොපවසා සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ මෙම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පොලිස් සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ වසරක පමණ කාලයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු විවාහක අයෙකු බවට කාන්තාවගේ සහෝදරයෙකු දැනගැනීමත් සමඟ ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සහෝදරයා විසින් මොහුව අල්ලා පොලිසිය වෙත භාරදීමටයි කටයුතුකර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද දින (30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.