― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමගීන් 60 දෙනෙක්ගේ දිවි බේරාගත් ලංගම රියදුරා

මගීන් 60 දෙනෙක්ගේ දිවි බේරාගත් ලංගම රියදුරා

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මුහුණදීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගන්නට එහි දැඩි පරිශ්‍රමයක් දරා රියදුරු කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

බදුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය ඊයේ (30) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ හපුතලේ – බෙරගල ප්‍රදේශයේදී තිරිංග අක්‍රීය වී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව් බස් රථය තුළ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර එහිදී රියදුරු විසින් තිරිංග ක්‍රියා විරහිත වූ බස් රථය මාර්ගයේ දකුණුපස පිහිටි කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට ධාවනය කරවීමට කටයුතු කර ඇති බව සඳහන්.

රියදුරු විසින් බස් රථය එලෙස දකුණුපස ධාවනය නොකළේ නම් වම පසින් පිහිටි දැවැන්ත බෑවුමට පෙරලී විශාල අනතුරක් සිදුවන්නට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ බදුල්ල ඩිපෝවට අනියුක්තව සේවය කරන ඩී.එම් ප්‍රියන්ත මහත්මායි. මෙම සිදුවීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර බස් රථයේ රියදුරුවරයා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.