― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෝටලේ තෙවන මහලෙන් වැටී මුදල් අයකැමිවරයා ජීවිතක්ෂයට

හෝටලේ තෙවන මහලෙන් වැටී මුදල් අයකැමිවරයා ජීවිතක්ෂයට

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක තෙවන මහලෙන් බිමට වැටී අද (31) අලුයම පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ හෝටලයේ මුදල් අයකැමිවරයා බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ දෙනිපිටිය, වරකාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රිද්ම තරංග නැමැති 26 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රී 11.00ට පමණ හෝටලය වසා ඇති අතර අලුයම 2.00ට පමණ මුදල් අයකැමිවරයා හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු එහි වේටර්වරයකු දැක තිබෙනවා.

පසුව ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. තරුණයාගේ මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

මියගිය තරුණයා වසර දෙකහමාරකට පමණ ඉහත දී අදාළ හෝටලයේ රැකියාවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.