― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණයට සහාය ඉල්ලා මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණයට සහාය ඉල්ලා මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

පළාත් පාලන  මැතිවරණයට සහාය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්  කොමිසම  සෑහීමට පත් නොවීම පිළිබඳවත් මැතිවරණ පැවැත්වීම සඳහා රාජ්‍ය සංවිධානවලින් ලැබෙන සහයෝගය මදකම පිළිබඳවත් මෙම ලිපියෙන් විශේෂයෙන් දැනුම් දුන් බව  ඔහු සඳහන් කළේය.

සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳ  විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම විය යුතු බව පැවසූ පුංචිහේවා මහතා තර්ජනයට ලක්වූ සාමාජිකයන්ට ලැබෙන පොලිස්  ආරක්ෂාව ගැන සෑහීමට පත්විය හැකි බවද  සඳහන් කළේය.

කවුරු කුමක් පැවසුවත් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව කටයුතු කරන බවද ඔහු කීවේය.