32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගෙ නිවසට පැමිණ මුදල් ලබා ගැනීමට යාමේදීයි අදාළ සැරයන්වරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පැමිණිලිකරුට එරෙහිව පවතින ස්ත්‍රී දුෂණ නඩුවකට අදාළ අනෙක් පාර්ශවය සමථයකට පත් කිරීමත් තවත් නඩු කිහිපයක් වෙනුවෙන් පැවති වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමටත් මෙම සැරෙන්වරයා පැමිණිලිකරුගෙන් මෙම ලක්ෂ තුනහමාරක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.