32.2 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

‘ගෝඨාගෝගම’ සටන් පාඨය අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට මහාධිකරණය ඊයේ (31) අවසර ලබාදුන්නේය.

වසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ විභාගයට ගැනුණා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නීති විරෝධී රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය සහ සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වී ඇති බව විනිසුරුවරු පෙන්වා දුන්හ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් ඉල්ලා සිටියේය.