මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් තිබේ.
රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රවය සහ ගංජා සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 සහ 21 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද මේවන විට ආරම්භ කර තිබෙනවා.


