රුසියාව විසින් දැවැන්ත ප්රහාරයක් සැලසුම් කරමින් සිටින බව යුක්රේන ආරක්ෂක ඇමති ඔලෙක්සි රෙනිස්කෝ පවසයි.
ලබන පෙබරවාරි 24 වැනිදාට දෙරටේ යුද්ධය ආරම්භ වී වසරක් සපිරෙන අතර එම දිනය ඉලක්ක කර ගනිමින් රුසියාව නව ප්රහාර මාලාවක් සැලසුම් කර ඇති බවයි ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ.
මේ වන විට රුසියාව දහස් ගණනක් හමුදා භට පිරිස් ස්ථානගත කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. එසේම මේ වනවිටත් රුසියානු හමුදාව යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කරමින් ප්රහාර දියත් කරයි.
ලබන 23 වැනිදා රුසියාව එරටට අවේණික ‘ඩිෆෙන්ඩර් ඔෆ් ද ෆාදර් ලෑන්ඩ්‘ දිනය සමරනු ලබයි.


