30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් නැවියන් දෙදෙනෙක් හදිසියේම ජීවිතක්ෂයට - විමර්ශන ඇරඹේ

විදෙස් නැවියන් දෙදෙනෙක් හදිසියේම ජීවිතක්ෂයට – විමර්ශන ඇරඹේ

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙකුයි ඊයේ (01) ජාත්‍යන්තර මුහුදු තීරයේදී මෙලෙස මියගොස් ඇත්තේ.

පොලීසියට ලද පැමිණිල්ල මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක් වන යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම නෞකාව මේ වනවිට දේශීය මුහුදු තීරයේ ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇත. එම මරණ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්තුමිය වෙත කරුණු වාර්තා කර මෘත ශරීර ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සිදුකරමින් පවතී.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.