පසුගියදා නානුඔය – රදැල්ල මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි බස් රියදුරු ඇප මත මුදාහැර තිබේ.
එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී රුපියල් 25,000ක ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුට ඇප ලබාදීමට නියෝග කර ඇත.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙකි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතව නැවත කොළඹ බලා බස් රථ 7කින් පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණි.


