ආනයන සීමා කිරිමත් සමඟ පිට කොටුව තොග වෙළඳපොළෙහි විදුලි උපකරණවල හිඟයක් පවතින බවට වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරනවා.
විදුලි උපකරණ තොග අලෙවිසැල් රැසක විදුලි උපකරණ නොමැති විමත් සමඟ මිළ ගණන් ඉහළ ගොස් ඇති නිසා පිට පළාත්වලින් තොග රැගෙන යාම සඳහා පැමිණෙන වෙළෙන්දන් ද අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට විදුලි උඳුන්, ඇඹරුම් යන්ත්‍ර, විදුලි කේතල සහ විදුලි ඉස්තිරික්ක ඉහළ මිළ ගණන් යටතේ අලෙවි වන අතර ඇතැමි විදුලි උපකරණවල මිල රුපියල් 3000 සිට 12000 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.


