― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය අද

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය අද

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මිල ඉහළ නංවන ආකාරය පිළිබඳ අද දැනුම් දීමට නියමිත අතර අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය දැනුම්දෙන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ඒ අනුව බොහෝදුරට නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ දැමිය යුතු වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට නියමිත බවද සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය යි.

මේවනවිට ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,409කටයි.