― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසත්‍යග්‍රහයට පහරදුන් 3ක් රිමාන්ඩ්

සත්‍යග්‍රහයට පහරදුන් 3ක් රිමාන්ඩ්

නිදහස් සැමරුමට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ පැවති මෙම සත්‍යග්‍රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ද එල්ල කළා.

මෙම සත්‍යග්‍රහයට නාඳුනන පිරිසක් විසින් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තුන් දෙනෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

”කොහේ තියෙන නිදහසක්ද” යන තේමාව යටතේ 75වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය පැවැත් වුණා.

ඒ ගාලු මුවදොර අරගල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයකගේ සහභාගීත්වයෙන්.

සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අධිකරණ නියෝග ඉදිරිපත් කරමින් පිරිසට විසිර යන ලෙස දන්වා තිබුණ ද ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවූ අතර රාත්‍රී 10ට පමණ පැමිණි නාඳුනන පිරිසක් සත්‍යග්‍රහයේ නිතර වූවන් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණා.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පොලිසිය ඊට මැදිහත්වීමත් සමඟ තත්ත්වය නොසන්සුන් වී තිබෙනවා.

අනතුරුව අධි පීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

සත්‍යග්‍රහයේ නිරතවූවන් එම ස්ථානයෙන් පළවා හැරීමට පොලිසිය පියවර ගත් අතර කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ඉවත් වන තුරු බැටන් ප්‍රහාර එල්ල කර තිබුණා.

එහිදී අරගලකරුවන් 4 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබෙනවා.