― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews“Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

“Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබීය.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් විය.

1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව “නිදහසේ මුල්පිටු” ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවාය.

යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් නැවත මුද්‍රණය කළ දුර්ලභ ග්‍රන්ථ හතරක් වන A Gazetteer of the Central Province of Ceylon, volume I & II, The Geology of sri lanka, Sigiri Graffiti volume II සහ මහා වංශය ප්‍රථම භාගය සහ ද්වීතික භාගය ග්‍රන්ථ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවාය.

උරුමයක අරුමය කැලණි විහාර බිතුසිතුවම් ග්‍රන්ථ කට්ටලය, පුරාතන ලංකාවේ බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමා ග්‍රන්ථය, බුද්ධත්වයෙන් පසු සත්සතිය මහනුවර යුගයේ බිතුසිතුවම් ඇසුරෙන් ග්‍රන්ථය, Ancient Ceylon Volume 26, Roots of Sri Lankan arts, History of the kingdom of Rohana ග්‍රන්ථ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක , බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාව ට එක්ව සිටියහ.

Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත්වේ .