වසර 2030 වන විට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසනවා.
මේ වන විට මෙරට වැඩිහිටි ජනගහනය පවතින්නේ 14.6% ක මට්ටමකයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.
එසේම එම සභාව විසින් 2020 වර්ෂයේදි නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279 ක්.