25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීති විරෝධී මත්පැන් අලෙවි කළ රෝහල් සුළු සේවකයා අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් අලෙවි කළ රෝහල් සුළු සේවකයා අත්අඩංගුවට

තම නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටි සිටි කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු මත්පැන් බෝතල් 20ක් සමග බුලත්සිංහල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝවින්න,පහළ නාරගල පදිංචි මෙම පුද්ගලයා කාලයක් බුලත්සිංහල රෝහලේ සහ මහරගම රෝහලේ සේවය කර ඇති අතර දැනට කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු ලෙස සේවය කරන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

54 හැවිරිදි සැකකරු දීර්ඝ කාලයක සිට නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කර ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මීට පෙර අවස්ථා කීපයකදිම අත් අඩංගුවට ගෙන ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි මත්පැන් ජාවාරම සිදු කර ඇතැයි සඳහන්.

තම නිවසේ ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස මත්පැන් අලෙවිය සිදු කරගෙන ගොස් ඇති අතර අලෙවියට සුදානම් කළ මත්පැන් උණු වතුර බෝතල් තුළ සඟවා තබා අලෙවි කර ඇතැයි පොලිසිය පවසනවා.