― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෑස් මිල ඉහළ යාමත් සමඟ හෝටල් කෑමවලත් මිල සංශෝධනයක්

ගෑස් මිල ඉහළ යාමත් සමඟ හෝටල් කෑමවලත් මිල සංශෝධනයක්

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශය පත්කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ සංගමයේ අනකුත් සාමාජිකයින් සමඟ අද පස්වරුවේ පැවැත්වෙන සකච්ඡාවකින් අනතුරුව මිල සංශෝධනයන් පිළිබඳව තීරණ ගන්නා බවයි.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.