වල්ලාපට්ටා කපන පිරිසක් ගැන සෙවීමට ආ වන නිලධාරීන් දෙදෙනකුට මාදම්පේ පනිරෙන්ඩාව රජයේ රක්ෂිතය ආසන්නයේ දී පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයකු සහ තවත් අයකු පහරදීම නිසා එක් නිලධාරියකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
රාජකාරියට බාධා කළ බව කියන බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග කරන අයකු සහ ඔහුගේ සගයකු බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ බව කියන එක් වන සංරක්ෂණ නිලධාරියෙකු මාදම්පේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරු පැදියට ද සැකකරුවන් පහරදී අලාභානි සිදු කර ඇතැයි වන නිලධාරීහු පවසයි.
පනිරෙන්ඩාව රජයේ රක්ෂිත වනාන්තරයේ ඇති වල්ලාපට්ට ගස් කැපීමේ නිරතව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු අල්ලා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් ගිය අවස්ථාවේ මාර්ගය ආසන්නයේ සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවතා තිබෙන අයුරු දැක එහි සිටින දෙදෙනා පරීක්ෂාකර බැලීමට ගොස් ඇතැයි කියති.
වන සංරක්ෂණ නිලධාරීන්ට පහරදී ඇත්තේ මේ අවස්ථාවේදී යැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය වැටලීමට ගිය වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනාට සැකකරුවන් දෙදෙනා අසභ්‍ය වචනයෙන් දිගට හරහට බැන වැදී පහර දීම සිදු කර ඇතැයි වන නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.