― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කියේ ප්‍රබල භූමිකම්පාවක්

තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක්

දකුණු තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් යුතු වීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

එම භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 04:17ට (GMT 01:17) ගාසියන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු වී ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත.

භූමිකම්පාව අන්කාරා අගනුවරට සහ තුර්කියේ ඇති අනෙකුත් නගරවලට සහ පුළුල් ප්‍රදේශයක් පුරා දැනී තිබේ.

ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් ඒවා තුළ සිර වී සිටිය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.