― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවයක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවයක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවය බවත්, අනෙකුත් රෝග එම පෝෂණ ගැටලු නිසා හටගත්තක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ගොයම් කහ පැහැවීම සම්බන්ධව ඊයේ (05) පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වුයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දීය.

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් (K) ඌනතාවය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය හා අනෙකුත් දිලීර රෝග ගොයමෙහි පෝෂණ ඌනතාවන් නිසා පහසුවෙන් වැළඳිය හැකි රෝග තත්ත්වයන් බව මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනට මෙම ගොයම් කහ පෑහැවීමේ රෝගය බහුල වශයෙන් වාර්තාවන්නේ මහවැලි සී හා එච් කළාපවලින් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.

ගොයම් වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ ගොයම් කහ පැහැ වීමට ලක්ව තිබෙන්නේ සියයට 08ක් 10ක් අතර ප්‍රමාණයක් වුවත්, එම තත්ත්වය උග්‍ර ලෙස දක්නට ලැබෙන්නේ සියයට 03ක් තරම් ප්‍රමාණයකිනි.

එමනිසා 2022/23 මහ කන්නයේ සමස්ත අස්වැන්නට ඉන් බරපතල හානියක් එල්ල නොවේ. දැනට සිදු කර තිබෙන පසුවිපරම් අනුව මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් පමණ ලබා ගැනීමට හැකිවේ. එමගින් මාස 07කට සෑහෙන සහල් නිෂ්පාදනය කර ගත හැකිවේ.

එමෙන්ම පසුගිය යල කන්නයේ ද ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති නිසාත්, 2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය සියලු පොහොර එනම් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) , යුරියා සහ බන්ඩි පොහොර (MOP) ලබා දීමට රජය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බැවින් යල කන්නයේ ද හොඳ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේ.

එමනිසා මෙම වර්ෂය තුළ රටේ කිසිදු අයුරකින් සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.