27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැඳුම්කරය ගෙවන්න ඩොලර් කොහෙන්ද?

බැඳුම්කරය ගෙවන්න ඩොලර් කොහෙන්ද?

මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අවසන් වරට 2016දී ඩොලර් බිලියන 1.1ක මුදලක් මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති බවත් එහි සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසයන් පළුදු කරගෙන නැති බවත් කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්‍ෂව ඒ දෙස බැලිය යුතු බවද කීවේය.

ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවීම සඳහා ඩොලර් මිලියන 500 ලැබුණේ කොහෙන්දැයි මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙතෙක් පැවතියේ එය ගෙවීමට හැකිද යන්න ගැන පසුගිය දිනවල ලොකු තැතිගැනීමක් තිබූ බවත්, ආර්ථික කුණාටුවක් අභියස සිටියදී එය නිමාවූ සතුට භුක්ති විඳිය යුතු බවත්ය.