28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසේ නිදා සිටි තරුණයා ගෙල කපා ඝාතනය කරයි

නිවසේ නිදා සිටි තරුණයා ගෙල කපා ඝාතනය කරයි

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබේ.

අද (07) දහවල් 2.20ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළදීය.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව වාර්තා විය.

මියගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි