29.4 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිටපු අමාත්‍යවරයෙකුගේ මුණුබුරෙකු ගිනි අවි තුනක් සමඟ අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකුගේ මුණුබුරෙකු ගිනි අවි තුනක් සමඟ අත්අඩංගුවට

අනුරාධපුර පූජා නගරයේ තිසා වැව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී බලපත්‍ර නොමැතිව විදේශ රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් හා මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු දෙකක් සමඟ නීති විරෝධීව සන්තකයේ තබාගත් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත ඊයේ (6) රාත්‍රියේ පරීක්ෂණ කටයුතු සිදුකර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයකුගේ මුණුබුරෙක්.

ඔහු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින වයස අවුරුදු 20 ක තරුණයෙක්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම සැකකරු සහ ගිනිඅවි අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාරදී තිබෙනවා.

අනුරාධපුර පොලිසිය විසින් සැකකරුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත අදාළ සැකකරුව මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළා.