27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුනඛයෙකු 08 හැවිරිදි ළම‍යෙකුගේ වෘෂණ කෝෂවලට හානි කරයි

සුනඛයෙකු 08 හැවිරිදි ළම‍යෙකුගේ වෘෂණ කෝෂවලට හානි කරයි

නිවස අසල වත්තකට පුවක් ඇහිදීම සඳහා ගිය 08 හැවිරිදි පිරිමි ළමයෙකුගේ වෘෂණ කෝෂ සපාකෑ සුනඛයෙකුගේ හිමිකරුවෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (07) නියෝග කර තිබුනා.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ නොසැලකිලිමත් ලෙස සුනඛයෙකු ඇති කල යක්කලමුල්ල කොට්ටවගම පදිංචි පුද්ගලයෙක්.

ඉකුත් 29 වන දින සවස මෙම ළමයා පුවක් ඇහිඳීම සඳහා අසල වත්තකට ගොස් එමින් සිටියදී නිවසක සිටි සුනඛයකු
ළමයා වෙත කඩාපැන වෘෂණ කෝෂ සපා කා තිබෙනවා.

පසුව දරුවා වෛද්‍යවරයෙක් ළඟට ගොස් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.