― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයින් අද වැඩ වර්ජනයක

රජයේ සේවකයින් අද වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් අද (08) වර්ජනයක නිරත වීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බවයි.

ඊට අමතරව කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතා රැළියක්ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.

මේ අතර නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින්ද අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක සඳහන් කළේය.

මේ අතර වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවා.

එමෙන්ම රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි වැඩිදුරටත් පැවසුවා.