ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම ඇමතුමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තම කණගාටුව ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවේ සහාය තුර්කියට ලබා දෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් තුර්කියේ ජනතාවට සහය වීමට සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.